විපක්ෂයේ වගකිම පිළිබඳව ජනතාව අවධානයෙන් සිටින බව නියෝජ්‍ය කථානායක පවසයි

Share Button

රට අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ වගකිම පිළිබඳව ද ජනතාව අවධානයෙන් සිටින බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි. සෑම කරුණකටම විරුද්ධවීම විපක්ෂයේ කාර්යභාරය නොවිය යුතුය. රටේ පවතින තත්ත්ව ගැන අවධානය යොමු කර සාධනීය ප්‍රතිචාර දැක්වීම වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය විය යුතුය. පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුනු ජාතික සභාවට සහාය නොදි සෑම කරුණකටම විරුද්ධවීමෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වන්නේ කුමක්දැයි යන්න ගැටඵවකි. ජාතික සභාව නියෝජනය කරමින් රටේ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීම සදහා ආණ්ඩුවට සහ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදීමට හැකි තත්ත්වයක් විපක්ෂයට නිර්මාණයවී තිබේ. එහෙත් එම අවස්ථාව මග හරිමින් දිගින් දිගටම විරෝධතා සිදුකිරීමෙන් පමණක් එම පිරිස බලාපොරොත්තු වන දේ්ශපාලන වාසිය ද ලබා ගැනීමට නොහැකි බව නියෝජ්‍ය කථානායකවරයා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...