නිති විරෝධීව ඩිසල් රැස් කළ දෙදෙනෙකු අත් අඩංගුවට

Share Button

නිති විරෝධීව ඩිසල් රැස් කර ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු පොතුවිල් ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගෙන තිබේ.

ලාහුගල විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරින් පිරිසක් කළ වැටලිම ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදි ඩිසල් ලිටර 1140ක් සහ ටිපර් රථයක් ද එම බළකායේ බාරයට ගැනිනි.

කලාප අණ දෙන නිළධාරි අම්පාර ජ්‍යෙෂ්ධ පොළිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධික්ෂණය යටතේ ලාහුගල කදවුරේ අණ දෙන නිළධාරි පොළිස් පරික්ෂක කේ. ජි. ලක්මාල් ඇතුලු කණ්ඩායමක් වැටලිම සිදු කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...