රුවන්වැලි මහ සෑයේ චුඩාමානික්‍යයෙහි මැණික් සොරකම සම්බන්ධ පරික්ෂනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

Share Button

රුවන්වැලි මහ සෑයේ චුඩාමානික්‍යයෙහි මැණික් සොරා ගෙන ඇති බවට පළවන විවිධ වාර්ථා සම්බන්ධයෙන් පරික්ෂනයක් පැවැත්විමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ පවසති.

ජාතික ගුවන් විදුලියේ දසදෙසින් වැඩ සටහනට එක් වෙමින් උන් වහන්සේ පැවසුවේ මේ පිළිබද සත්‍ය අසත්‍ය පිලිබදව නිවැරදි තොරතුරු ජනතාවට හෙළි කිරිම එහි අරමුන වන බවයි.

කාලයාගේ අවැමෙන් හා අකුණුසැර වැදි පලුදුවි තිබු චුඩාමානික්‍ය වෙනුවට විශාල පරිශ්‍රමයක් දරා නව චුඩාමානික්‍යක් මහසැයට පැලදවිම පියවර ගැනිනි. එය නිත්‍යණුකුලව හා විනිවිද භාවයෙන් සිදුකල බව උන්වහන්සේ කියා සිටිහ. පැරණි චුඩාමානික්‍ය පාදම සහිතවම සලපතල මලුවේ විශේෂ කුටියක තැන්පත් කර තිබේ.

මේ පිළිබදව චෝදනාව කරන්නේ පැරණි හා නව චුඩමානික්‍ය මහා සෑයට පැලදවිම ඇසින් නොදුටු පුද්ගයන් බවද ස්වාමින් වහන්සේ පැවසුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...