8 වන ලෝක කැරම් ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Share Button

මැලේසියාවේදී ආරම්භ වන 8 වන ලෝක කැරම් ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.

සුරාජ් මධුවන්ත, උදේෂ් චන්දිම පෙරේරා, ෂහීඩ් හිල්මි, යන අය පිරිමි කණ්ඩායමට ඇතුළත් වෙති. ජෝශප් රොෂීටා, රෙබෙකා ඩැල්රීන්, මධුවන්ති ගුණදාස, කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවීමට නියමිතයි.

ඔක්තෝබර් 03 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර කැරම් ලෝක ශූරතාවලියට රටවල් 17 කින් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 250 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...