නවක වදය ක්‍රියාත්මක කර වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් අසාදු ලේඛණට

Share Button

විශ්ව විද්‍යාලවල නවක වදය ක්‍රියාත්මක කර වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් ඔවුන්ව රාජ්‍ය සේවයට බදවා නොගෙන අසාදු ලේඛණ ගත කළයුතු බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පවසයි. වරදකරුවන් වන විද්‍යාර්ථින් පන්ති තහනමට ලක්කර ඔවුන්ගේ උපාධියද අහිමි කළයුතු බව හෙතෙම ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිදුවු නවක වදය සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පසුගියදා මුදාහැරිණි. ඒ පිළිබඳව බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් විශ්ව විද්‍යාල තුළ විනය පවත්වාගෙන යාමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ඔහු පැවසීය. විවාදයට එක්වෙමින් සුරේන් රාගවන් මහතා කියා සිටියේ රාජ්‍ය විශ්ව විද්‍යාල නවක වදයෙන් තොර කලාපයක් බවට පත් කිරීමට පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවයි.

මේ අතර පසුගිය මාස 5 ක කාලයේදී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු සියදිවි නසාගැනීමත් සමග මනෝඋපදේශන සේවා වැඩසටහන් පුඵල් කිරීමට පාලනාධීකාරිය පියවර ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...