සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 53 වන ගුණසමරුව අද
නිදහස් අධ්‍යාපනයේ පියා වු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 53 වන ගුණසමරුව අදට යෙදී තිබේ.
1931 සිට 1947 දක්වා මෙරට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි එතුමා පළාත් පාලන අමාත්‍ය ධුරයද හොබවා ඇත. 1923 වසරේදී ව්‍යවස්ථාදායක මන්ත්‍රන සභාවට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත්විය. 1930 දී ජාතික සංගමයේ සභාපති ධුරයටද ඔහු තෝරා ගැණිනි.
එතුමා ස්වභාෂා ගුරුවරුන්ගේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට දැඩි පරිශ්‍රමයක් දැරුවේය.
මෙරට අධ්‍යපන ප්‍රතිසංස්කරණ හදුන්වා දෙමින් නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක කළ කන්නන්ගර මැතිතුමා මෙරට මධ්‍යම මහ විද්‍යාල ස්ථාපිත කිරීමට මුල පිරුවේය. ගුරු අභ්‍යාස විද්‍යාල ඇතුඵ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ එතුමා මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උන්නතියට විශාල මෙහෙවරක් කළ අයෙකි.
කන්නන්ගර මැතිතුමා පිළීබඳ පටිගත කරන ලද සමරු වැඩසටහනක් අද පෙරවරු 10.00 ට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ.