දියේ ගිලීිමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා පාසල් දරුවෝ දැනුවත් කෙරෙති
දියේ ගිලීිමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා පාසල් දරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානින් දැනුවත් කිරීමේ දිපව්‍යාප්ත වැඩපිළිවෙලක් ඇරඹෙයි. පොලිස් නාවික කොට්ඨාසය එය ක්‍රියාත්මක කරයි. එහි ප්‍රථම වැඩසටහන දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේදී ඊයේ පැවැත්වින. දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම. දියෙහි ගිලුනු අයෙකු කඩිනමින් බේරා ගැනීම. අනාරක්ෂිත ස්ථානවල දියනෑම සදහා යොමුවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව මෙහිදී දැනුවත් කෙරින. ජලාශ ආශ්‍රිතව අනතුරු සිදුවන ආකාරය ප්‍රදර්ශනාත්මකව දැනුවත් කිරීමක් ද මෙහිදී සිදුවිය. ජනතාව අනතුරකට පත්වුවන් මුදා ගන්නා ආකාරය ජිවිතාරක්ෂක සහ ආපදා කළමනාකරණ නිලධාරින්ගේ සහාය ලබා ගැනීම සහ ප්‍රථමාධාර ලබාදීම ඇතුළු සජිවි ක්‍රියාකාරකම් ද මෙම වැඩසටහනට ඇතුළත්ය.