ශ්‍රි ලංකාවට දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සරසවියක්

Share Button

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක් ශ්‍රි ලංකාවේ පිහිටුවිමට ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග පැවති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා එම යෝජනාව ඉදිරිපත් කළේය. . පිලිපීනයේ . මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයෙදි ඊයේ එම හමුව සිදුවිය . ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතු වල නිරත වීමට හැකිවන ආකාරයෙන් එම විශ්ව විද්‍යාලය පිහිටුවීමට ජනාධීපතිතුමා එහිදි යෝජනා කරයි. පසුගිය කාලයේ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රි ලංකාවට දුන් හදිසි ආධාර පිළීබඳව සභාපතිවරයාට ස්තුතිය පළ කළ වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව අවධාරණය කළේය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...