මහ කන්නය සඳහා පොහොර ඇනවුම් කර අවසන්
මහ කන්නය සදහා අවශ්‍ය පොහොර ඇනවුම් කර ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. නිසි කලට අදාළ පොහොර නිකුත් කෙරෙන බව අමාත්‍යවරයා සදහන් කළේ මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයිම පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මහ කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර සැපයිම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වුනි. ජාතික ආහාර සුරක්ෂිතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරු සහ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්වුහ.