පාසල් සිසුන් සඳහා ලබාදෙන ආහාර වේල විධිමත් කෙරේ

Share Button

පාසල් සිසුන් සදහා ලබාදෙන ආහාර වේල විධිමත් කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහින්ද යාපා මහතා පවසයි. පෝෂණ ඌනතා බහුලව වාර්තා වන පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. පසුගිය මාසයේ දී සියලු පළාත් වෙත ගොස් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල නිලධාරින් සමග එක්ව එම පාසල් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර තිබේ. ඒ අනුව නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි හෙතෙම කියයි. මෙරට පාසල් පද්ධතිය තුළ සියයට 78 ක ශිෂ්‍ය පිරිසක් සදහා ආහාර වේලක් ලබාදීම මේ වනවිට සිදු කෙරේ, ඒ අනුව පාසල් 7925 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ සදහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි මහින්ද යාපා මහතා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...