පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය අදින් ඇරඹෙයි

Share Button

පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය අදින් ඇරඹෙයි. එවැනි රෝගීන් කල්ඇතිව හදුනා ගැනීම ,ු කඩිනම් ප්‍රතිකාර සහ පිළිකාව සමග දිවි ගෙවන රෝගීන් සදහා ඇති නොයෙකුත් සේවාවන් පිළිබඳව ජනතාවගේ දැනුවත් බව වැඩි කිරීමේ අරමුණින් ලොවපුරා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී ක්‍රියාවට නැංවෙයි. කලින් හදුනාගෙන මුලික අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම මගින් පියයුරු පිළිකා සුව කර ගැනීමට ඇති හැකියාව ඉහල මට්ටමක පවති. කලින් හදුනා ගැනීම තුළින් මුලික ශල්‍යකර්ම පමණක් සිදුකර ශරීරයේ හැඩයට සිදුවන බලපෑම අවම කර වියදම් අඩු සරල ප්‍රතිකාර සදහා යොමුවීමට අවස්ථා සැලසේ. ජාතික පිළිකා මර්දන වැඩසටහන මේ මාසයේදී පළාත් රෝහල්,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව විශේෂ වැඩසටහන් සංවිධාන කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...