මෙරට තරුණ-තරුණියන්ට ජපානයේ තාක්ෂණික පුහුණුව

Share Button

පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණ-තරුණියන් සදහා ජපානයේ වසර හතරක තාක්ෂණික පුහුණුවක් ලබාදීමට රජයේ අවධානය යොමු වෙයි. උසස් පෙළ නිම කළ තරුණ-තරුණියන්ට ජපානයේ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ වසර හතරක උපාධි පාඨමාලාවක් සහිත පුහුණුවක් ලබා ගැනීමට ඒ අනුව අවස්ථාව උදාවනු ඇත. ජපන්-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 70 ක් සම්පුර්ණවීමට සමගාමිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ජපානයේ බෝජෝ නගරයේ නගරාධිපති යොෂිනොරි ඕහාටා මහතා සහ එරට නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඊට අවශ්‍ය මුලික එකගතාවට පැමිණ ඇත. ගාල්ල දිස්ත්‍රික්කය සහෝදර නගර ලෙස සංවර්ධනය කිරීම සදහා ද එහිදී සාකච්ඡාවී තිබේ. මීට අමතරව මෙරට තරුණ-තරුණියන්ට ජපානයේ තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ පවතින අවස්ථා සම්බන්ධයෙන් ද ජපාන නියෝජිතයන් සමග අමාත්‍යවරයා සාකච්ඡා කළේය. පාසල් විෂය නිර්දේශයට ජපන් භාෂාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ද ජපන් නියෝජිතයින්ගෙන් සුබවාදි ප්‍රතිචාරයක් ලැබි ඇත.

Share Button

One thought on “මෙරට තරුණ-තරුණියන්ට ජපානයේ තාක්ෂණික පුහුණුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...