ලබන වසර සදහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම
ලබන වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ගිනිඅවි සදහා බලපත්‍ර හිමි පුද්ගලයන් සහ ආයතන සිය ගිනිඅවි සදහා බලපත්‍ර අලුත් කළ යුතුය. එය මේ මස පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊට අදාළ තොරතුරු සහ අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය.
තුවක්කු ආඥා පනතට අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.