මේ වසරේ බුකර් සම්මානය ශ්‍රිී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට

Share Button

මේ වසරේ බුකර් සම්මානය ශ්‍රිී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතා දිනා ගනී. ඒ ඔහු රචනා කළ මුන්ස් ඔෆ් මාලි අල්මේදා නවකතාව වෙනුවෙනි. ශ්‍රිී ලංකාවේ සිවිල් යුද්ධය පදනම් කරගෙන මෙම කෘතිය රචනා කෙරිණි. ශ්‍රිී ලාංකිකයෙක් මෙම සම්මානය දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වෙයි. මීට පෙර ශ්‍රිීි ලාංකික ගත්කතුවරයෙකු වු මයිකල් ඔන්ඩච්චි රචනා කළ දි ඉංග්ලිෂ් පේෂන්ට් යන කෘතියට මෙම සම්මානය හිමි විය.බුකර් සම්මානය දෙවැනි වන්නේ සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයට පමණි. බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ ආර්යාව වන කැමිලා පාකර් මහත්මිය අතින් ෂෙහාන් කරුණාතිලක මහතා වෙත බුකර් සම්මානය බ්‍රිතාන්‍යයේ දී ඊයේ පිරිනැමීණි.ඒ අනුව පවුම් පනස් දහසක මුදලක් නිර්මාණකරුට හිමි විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...