ඩිස්නිලන්තය හම්බන්තොටට

Share Button

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකෙරේ. මේ සම්බන්ධ මූලික වටයේ සාකච්ඡා සඳහා ලබන මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ බර්බෑන්ක් හි සංචාරය කරන බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. වෝල්ට් ඩිස්නි සමාගමේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරේ. මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 18 කි.

හම්බන්තොට ප්‍රාදේශීය ඩිස්නිලන්තයක් පිහිටුවීමේ මූල්‍ය ශක්‍යතා අවබෝධ කර ගැනීම සඳහා වෝල්ට් ඩිස්නි සමාගමේ නියෝජිත පිරිසක් ලබන නොවැම්බර් මස අගදී මෙරටට පැමිණීණිමට නියමිතය. මත්තල ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයේ පවතින විශාල යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට මෙවැනි ආයෝජනයක් වැදගත් වනු ඇතැයි ගමගේ මහත්මිය පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...