සයිකල් සිකුරාදා සමාරම්භක උත්සවය හෙට

Share Button

නාගරික සංවර්ධන අධිකාරිය තම සේවකයන්ට සතියේ එක් දිනක් පාපැදියෙන් සේවයට වාර්තා කිරීම දිරිමත් කිරීමේ වැඩසටහනක් සංවිධාන කරයි.

සයිකල් සිකුරාදා – පාපැදියෙන් වැඩට එමු යනුවෙන් එය නම් කර තිබේ. එහි සමාරම්භක උත්සවය ලෝක නගර දිනය යෙදී ඇති හෙට පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී පැවැත්වෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහත එහි ප්‍රධාන ආරාධිතයායි.

සෑම සතියකම සිකුරාදා දිනකම වැඩසටහන ක්‍රියාත්මකයි.

පාපැදියෙන් සේවයට වාර්තා කරන සේවකයන්ට ඒවා මිලදි ගැනීමට මුල්‍යාධාර සැපයේ. පාපැදි නතර කිරීම සදහා අවරණයක් සහිත ස්ථානයක් ස්ථාපිත කර තිබේ. පාපැදියෙන් සේවයට වාර්තා කරන දින සැහැල්ලු ඇදුමකින් සැරසී පැමිණීමට සේවකයන්ට හැකිවෙයි.

පරිසර හිතකාමී නගරයක් හා සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් පිරිසක් බිහිකිරීම වැඩසටහනේ අරමුණ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...