කඳුරට ගුවන් විදුලියේ නොමියෙන ගී උපහාර ප්‍රසංගය
දක්ෂ ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදකයෙකු සහ ගීත රචකයෙකු වු කේ ඩි කේ ධර්මවර්ධන මහතා මියගොස් අදට වසර 22 ක් සපිරෙයි. සිංහල බෞද්ධයා පුවත්පතින් ඔහු මාධ්‍ය ක්‍ෂේත්‍රයට එක් විය. පළමුව ශ්‍රිී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ සේවයට එක්වු ඒ මහතා 1967 දී සහන නිවේදකයෙකු ලෙස සංස්ථාවට සම්බන්ධ විය. 1970 දී ඔහු ස්ථිර නිවේදක තනතුරක් ලැබීය. ඒ මහතා මෙහෙයවු රේඩියෝ සගරාව බෙහෙවින් ජනප්‍රිය වැඩසටහනක් විය. සවන පිනන ගී ගී රස වින්දන ගී රස මවන්නෝ ආරාධනා ස්වර දැහැන ලලිත කලා නාට්‍ය සගරාව ප්‍රසන්න ලංකා ගුවන් විදුලියෙන් ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් අතර වෙයි. ප්‍රත්‍යාවලෝකනය නමින් සාකච්ඡා වැඩසටහනක් ද ඔහු ඉදිරිපත් කළේය. කේ ඩී කේ ධර්මවර්ධන මහතා 1989 දී ආරම්භ කෙරුනු මෙරට පළමු සිංහල එෆ් එම් ගුවන් විදුලි සේවය වන සිටි එෆ් එම් සේවයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් විදුලි ආයතනයේ සිංහල අංශයේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. ඔහු ජනප්‍රිය ගීත රැසක් රචකයායි. චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහා ද ඔහු ගීත රචනා කළේය.
කේ ඩි කේ ධර්මවර්ධන මහතාගේ 22 වැනි ගුණ සමරුව නිමිත්තෙන් සංවිධාන කළ උත්සවයක් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය රංග ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වෙයි. එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වු ධර්මවර්ධන මහතා රචනා කළ ගීත ඇතුලත් එම ප්‍රසංගය ගුණ ගී වරුසා නොමියෙන ගී ප්‍රසංගය යනුවෙන් නම් කර තිබේ. කඳුරට ගුවන් විදුලියේ නොමියෙන ගී උපහාර ප්‍රසංග වැඩසටහන මෙවර ඒ මහතා වෙනුවෙන් එලෙස වෙන් කෙරේ. කඳුරට ගුවන් විදුලියේ කඳුරට කලා සංසදය හා ධර්මරාජ ආදි ශිෂ්‍ය සංගමය එක්ව උත්සවය සංවිධාන කර තිබෙ.