ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 20 වැනිදා කටාර් රාජ්‍යයේදි
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් රාජ්‍යයේදී ලබන විසි වෙනිදා ආරම්භ වෙයි. කටාර් පාපන්දු කණ්ඩායම සහ ඉක්වදෝර කණ්ඩායම පලමු තරගයට සහභාගිවේ. මේ අතර සමලිංගික සබඳතා සහ එහි මානව හිිමිකම් වාර්තාව මෙන්ම සංක්‍රමණික සේවකයන්ට සැලකීම සිම්බන්ධයෙන් සත්කාරක කටාර් රාජ්‍යයට විවේචන එල්ල වී ඇත. ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසට කටාර් ලෝක කුසලාන තරගාවලියේ සංවිධායකයන් කණ්ඩායම් වලින් ඉල්ලා සිටි අතර එංගලන්තය සහ වේස්සය ඇතුථ යුරෝපීය පාපන්දු සංගම් 10 ක් පවසන්නේ මානව හිිමිකම් විශ්මිත වන අතර සෑම තැනකටම අදාළ වන බවයි.